අත්සන් කරපුවා වෙනස් කරන්න පුලුවන්ලු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේදී ජනතාව තුළ මතුවන ප්‍රතිවිරෝධීතාව පිළිබදව ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේදී ජනතාව තුළ මතුවන
ප්‍රතිවිරෝධීතාව පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බව
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අමාත්‍යවරයා සඳහන්
කළේ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීමට තීරණය ගැනීමේදී එල්ල වූ විරෝධතා
පිළිබදව ද ජනාධිපතිවරයා තේරුම් ගත් බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිවිල් සංවිධාන අතර ඇති වූ සාකච්චාව පිළිබදව රාජිත සේනාරත්න මහතාගෙන් විමසුවා.



