උදාරි විවාහක විශ්ව රූ රැජන තරගයට රගපෑමට සමුදෙයි " ෂෙනී අර සෙල්ලම් බඩු ටික අරගෙන සෙල්ලම් කරන්න. " සිය දියණියට එහෙම කියමි...
උදාරි විවාහක විශ්ව රූ රැජන තරගයට
රගපෑමට සමුදෙයි
" ෂෙනී අර සෙල්ලම් බඩු ටික අරගෙන සෙල්ලම් කරන්න. "
සිය දියණියට එහෙම කියමින්ම උදාරි අප අසලින් අසුන් ගත්තේ දිගු කතාබහකට මුල පුරන අදහසින්.
" හැම වැඩක්ම පසෙකට ලා මේ දවස්වල ඔබ තරගයට යන්නද සූදානම් වෙන්නේ ?
" විවාහක විශ්ව රූ රැජන තරගය දෙසැම්බර් මාසයේ චීනයේ දි පැවැත්වීමට නියමිතයි. ඒ නිසා වෙනදාට වඩා තිඛෙන වෙනස තමයි ඒ සඳහා සූදානම් වීමයි. මේක රූප සුන්දරී තරගයක් වුණාට රූපයම පමණක් නොවෙයි බලපාන්නේ. ලංකාවේ තරගයක් තිබුණා වුණාට නියම තරගය ආරම්භ වෙලා තිඛෙන්නේ දැන්



