කොළඹින් පිටත් වූ මාර්ග අංක 138 බසය ගාමිණී හෝල් නැවතුමෙහි නතර කළ විට එහි සිටි තරුණියක් බසයට ගොඩවූවාය. ඇය හිස්‌ව තිබූ අසුනක වාඩි වූවාය...
ඇය හිස්‌ව තිබූ අසුනක වාඩි වූවාය. වීදුරු කවුළුව පැත්ත ආසනයේ වාඩිවී සිටියේ වියපත් පුද්ගලයෙකි. ඔහු තමාගේ වම් අත ඉදිරි අසුනේ ඇන්දේ රඳවාගෙන සිටියේය.
බස්‌රියට නැගගත් සැණින් තරුණිය නින්දට වැටුණාය. අල්ලපු ඉඩම අඟලෙන් අඟල අල්ලා ගන්නා ඉඩම් හිමියකුසේ තරුණියගේ හිසද ටිකෙන් ටික පාත් වී වියපත් මිනිසාගේ අත මත පතිත වී නැවතිණි.



