සිරුරු සොයාගෙන ඇත්තේ සමූහ මිනී වළකින් ඝාතනය කර ඇත්තේ ගෙල කපාලු යාපනය - මිරසුවිල් ප්‍රදේශයේදී දෙමළ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම ...
ඝාතනය කර ඇත්තේ ගෙල කපාලු
යාපනය - මිරසුවිල් ප්‍රදේශයේදී දෙමළ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එවකට යුද හමුදා දිගුදුර මෙහෙයුම් ඒකකයට අනුයුක්තව සිටි සෙබලෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කළා.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී තීන්දු කළේ සිද්ධිය
සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම යුද හමුදා ඒකකයේම කටයුතු කළ සෙබලුන් හතරදෙනෙකු
නිදොස් කොට නිදහස් කිරීමටයි. 2000 වසරේ දෙසැම්බර් 19 වැනිදා සහ 20 වැනිදා
මෙම සිවිල් වැසියන් 8 දෙනා යාපනය මිරසුවිල් ප්‍රදේශයේදී පැහැරගෙන ඝාතනය
කිරීම මොවුන්ට එරෙහිව එල්ලවූ චෝදනාවයි.



